blog-post

හිඟුරක්ගොඩ විදුහල්පති හිමිනමක් දරුවන් අපයෝජනය කරලා! ගුරුවරු-මව්පියෝ පාරට බසිති!

හිඟුරක්ගොඩ නගරයට ආසන්න ප්‍රසිද්ධ පාසලක විදුහල්පති හිමිනමක් පාසල් දරුවන් අපයෝජනය කර ඇතැයි චෝදනා කරමින් එම දරුවන්ගේ දෙමව්පියන් පිරිසක් ඊයේ (ජූලි 29) හිඟුරක්ගොඩ නගර මධ්‍යයට ඒකරාශී වී විරෝධතාවක නිරත වූහ.

එහිදී අදහස් දැක්වූ දෙමව්පියන්.

⧫ “මම විශ්‍රාමික ගුවන් භටයෙක්. පදිංචිය හිඟුරක්ගොඩ රෝහල හන්දියේ. මගේ නෝනත් පාසල් ගුරුවරියක්. මේ පාසලේ විදුහල්පති හාමුදුරුවෝ දරුවන්ට කරන අපචාර වැඩ තවදුරටත් දරාගෙන ඉන්න බෑ. මගේ දරුව වගේ ම යි මට අනිත් දරුවෝත්. සමස්ත දරුවන් වෙනුවෙන් සාධාරණය ඉට වෙන්න ඕනෑ. මේ වගේ අය විදුහල්පතිකමට ගැලපෙන්නෙ නෑ.”

⧫ “මගේ දරුවා මේ විද්‍යාලයේ එකොළොස් වන ශ්‍රේණිය ඉගෙන ගන්නේ. මේ පුද්ගලයා ළමයි රවට්ට ගන්න තමයි මේ වැඩේ කරන්නේ. එයා මගේ දරුවාටත් කියලා තියෙනවා සාමාන්‍ය පෙළ ලියන්න බයවෙන්න එපා, විභාගය පාස් කරල දෙන්නම් කියලා. සමහර දරුවන්ට කන්න බොන්න දීලා අපචාරවලට යොදාගෙන තිබෙනවා. මේ කැත වැඩ නැති කරලා දරුවන්ට සාධාරණයක් වෙන්න ඕනේ.”

එම පාසලේ ගුරුවරියක්.

“මගේ දරුවටත් විදුහල්පති හාමුදුරුවෝ අතවර කරලා තියෙනවා. දරුවන්ට සල්ලි දෙන්නං, තෑගි දෙන්නම් කියලා දරුවන් රවට්ටගෙන තියෙන්නේ. සමහර දෙමව්පියන් ලැජ්ජාව නිසා ප්‍රසිද්ධියේ ඉදිරිපත් වෙන්නේ නෑ. මම ගුරුවරියක් වුණත් මේ විරෝධතාවට ඉදිරිපත් වුණා. අහිංසක දරුවන් වෙනුවෙන් තව ම නීතිය ක්‍රියාත්මක වුණේ නෑ. වෙනත් නිලධාරීන් යොදවලා සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා බලධාරීන් ඉල්ලා සිටිනවා.”

උපුටාගැනීම - 2021.07.31 Mawrata news.lk

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න