දිනක් තුළ ළමයින් සම්බන්ධ අසභ්‍ය විඩියෝ සහ ඡායාරූප අන්තර් ජාලයට මුදා හැරි පුද්ගලයෙකු පිළිබඳ පොලිසිය විමර්ෂණ ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ මහනුවර ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි. ළමයින් සම්බන්ධ අසභ්‍ය විඩියෝ සහ ඡායාරූප අන්තර් ජාලයට මුදා හරින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට විශේෂ නිරීක්ෂණ ඒකකයක්ද ඉකුත්දා ස්ථාපිත කෙරුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
