පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහාතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටිය දී පිළිස්සුම් තුවාල සහිතව මියගිය 16 හැවිරිදි දැරියගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය විශේෂඥ වෛද්‍ය කණ්ඩායම විසින් ඊයේ (31) සිදුකර තිබේ. ඊයේ උදෑසන 8.30 සිට සවස 5.15 දක්වා පැය 9ක කාලයක් පුරා මරණ පරීක්ෂණ කටයුතු සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජීන් පෙරේරා මහත්මිය, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශයේ, ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සමීර ගුණවර්ධන හා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේරසිංහ යන මහත්වරුන් විසින් මරණ පරීක්ෂණය පවත්වා තිබේ..
උපුටාගැනීම - 2021.08.01 Adaderana
