හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන්ගේ නිවසේදී අභිරහස් අන්දමින් පිළිස්සී මියගිය බාලවයස්කාර දැරියගේ මරණය යට ගැසීම සඳහා ඇගේ පවුලේ ඥාතීන්ට බලපැම් එල්ල කළ බව කියන පොලිස් මුලස්ථානයේ උසස් නිලධාරියකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.
මෙම උසස් නිලධාරියා දැරියගේ පවුලේ ඥාතීන් හමුවී පවසා ඇත්තේ ‘‘ඇමැතිතුමයි එයාගෙ පවුලෙ අයයි බොහොම වැදගත් උදවිය. එයාල මේ වගේ දේවල් කරන්නේ නැහැ. මේ ප්රශ්නය දිගට ඇදගෙන යන්න ඕනෙ නැහැ. මේක පොලිසියට ගෙනියන්න අවශ්‍ය නැහැ. රුපියල් පනස්දාහක් අරන් දෙන්නම් මේක මෙතනින් ඉවර කරලා දාමු.’’ යනුවෙන් කියමින් ඔවුන්ට දැඩි බලපෑම් එල්ල කර තිබේ.
උපුටාගැනීම - 2021.08.01 Lankacnews
