blog-post

ඇඳුම් මාරු කරනවා හොරෙන් PHOTO ගහපු දොස්තරට විරුද්ධව තවත් වෛද්‍යවරියන්ගෙන් පැමිණිලි

රාගම රෝහලේ වෛද්‍යවරියන්ගේ නේවාසිකාගාරයකට අයුතු ලෙස ඇතුළු වී ඇඳුම් මාරුකරන ඡායාරූප ගත් බව කියන වෛද්‍යවරයාට එරෙහිව තවත් වෛද්‍යවරියන් දෙදෙනකු ද රාගම පොලිසියට 11 වැනිදා පැමිණිලි කර තිබෙනවා. මෙම පැමිණිල්ල කළ එක් වෛද්‍යවරියකගේද ඇඳුම් මාරුකරන ඡායාරූප විශාල ප්‍රමාණයක් ගෙන ඇතැයි විමර්ශනවලදී හෙළි වී තිබේ. අනෙක් වෛද්‍යවරිය පැමිණිලි කර ඇත්තේ සැකකාර වෛද්‍යවරයා තමා සමග ෆේස්බුක් මාර්ගයෙන් ප්‍රේම සබඳතාවක් ඇතැයි අසත්‍ය තොරතුරු කියමින් වෛද්‍යවරියන්ගේ නේවාසිකාගාරයට රිංගා ඇති බවය.
සැකකාර වෛද්‍යවරයා මීට පෙර රාගම රෝහලේ සේවය කර 2017 දී ස්ථාන මාරු ලැබ ගොස් ඇත. පසුගිය ජුනි මාසයේදී කොළඹ ජාතික රෝහලට පත්වීමක් ලැබ පැමිණි ඇත. ඔහු කල්මුණේ පදිංචි අයෙකි.සැකකාර වෛද්‍යවරයා එළඹෙන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරයට පත් කර ඇති අතර ඔහුගේ දුරකථනය පොලිසිය භාරයට ගෙන විමර්ශන සිදු කරමින් පවතී.
උපුටා ගැනීම : https://bit.ly/3wEBE29

volunteer

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකරන පෙත්සම

පෙත්සම අත්සන් කරන්න